සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් ලෙස සැලකෙන “කෙහෙල්බද්දර පද්මේ” සහ “ඉෂාරා සේවන්දි” යන සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව, ඔවුන්ගෙන් ලබාගත් සාම්පල සහ අත්අඩංගුවට ගත් නඩු භාණ්ඩ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට අවසර ලබාදෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) අද (02) අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සැකකරුවන් අතුරින් ඉෂාරා සේවන්දි මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ රඳවා තබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බව සඳහන් වේ.
අදාළ විමර්ශන සඳහා ලබාගත් සාම්පල සහ නඩු භාණ්ඩ රස පරීක්ෂණයට යොමු කිරීමෙන් ඉදිරි විමර්ශන සඳහා අවශ්‍ය කරුණු අනාවරණය කර ගැනීමට අපේක්ෂා කෙරේ.
















