මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (02) නියෝග කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී ඇප මත මුදාහැර සිටින යෝෂිත රාජපක්ෂ මහතාද අධිකරණය හමුවේ පෙනී සිටියේය.
විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් නඩුවේ සාක්ෂි විභාගය කල් තැබීමට අධිකරණය නියෝග කර ඇත.
දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.
















