අධිකරණ වරෙන්තුවක් මත ඊයේ (03) තිනියාවල ප්රදේශයේ ආරණ්ය සේනාසනයකදී අත්අඩංගුවට ගත් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (04) කොළඹ අංක 01 මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු කර 2018දී වසර 19ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබූ ඥානසාර හිමියන්ට පසුව ජනාධිපති සමාව හිමිව තිබිණි. එම ජනාධිපති සමාව ශ්රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කිරීමෙන් පසු දඬුවම ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ කටයුතු සිදුවිය.
එම කටයුතු අතරතුර අධිකරණයට ඉදිරිපත් වීමට අපොහොසත් වීම හේතුවෙන් අභියාචනාධිකරණය ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක් නිකුත් කර තිබූ අතර, ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඊයේ ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.













