ජාත්යන්තර මුහුදු සීමා රේඛාව (IMBL) උල්ලංඝනය කර ශ්රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 9 දෙනෙකු සහ ඔවුන් පැමිණි ධීවර යාත්රාවක් ශ්රී ලංකා නාවික හමුදා භාරයට ගෙන තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ ඩෙල්ෆ්ට් දූපතට දකුණු දෙසින් ශ්රී ලංකා මුහුදු සීමාවේදී ඊයේ (03) සිදුකළ මෙහෙයුමකදී මෙම පිරිස නාවික හමුදා භාරයට ගත් බවයි. මෙම මෙහෙයුම ශ්රී ලංකා නාවික නෞකා සමුදුර මගින් සිදුකර ඇති බවද සඳහන් වේ.
නාවික හමුදා භාරයට ගත් ධීවරයින් සහ ධීවර යාත්රාව කන්කසන්තුරය වරාය වෙත රැගෙනවිත් ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතව තිබේ.













