පාකිස්තානයේ පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ තෙወද සංචාරක ක්රිකට් තරගාවලියේදී අද (12) පැවති තරගයෙන් පාකිස්තාන යොවුන් ක්රීඩිකාවන් කඩුලු 6කින් පරාජය කිරීමට ශ්රී ලංකා ක්රීඩිකාවෝ සමත් වූහ.
පළමුව පන්දුවට පහළ දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 105ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 13ක් සහ පන්දු 3ක් පමණක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 106ක් ලබා ගනිමින් තරගයේ ජය තහවුරු කරගත්තේය.












