දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) විසින් නායයෑම් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (12) පස්වරු 7:00 සිට හෙට (13) පස්වරු 7:00 දක්වා පැය 24ක කාලයක් සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ.
ඒ අනුව, හම්බන්තොට, කෑගල්ල, මාතර සහ රත්නපුර යන දිස්ත්රික්කවල ඇතැම් ප්රදේශ සඳහා අවවාද මට්ටම 2 යටතේ ‘සැලකිලිමත් වන්න’ (Amber) නිවේදන නිකුත් කර ඇති අතර, බදුල්ල, කොළඹ, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයක් සඳහා අවවාද මට්ටම 1 යටතේ ‘විමසිලිමත් වන්න’ (Yellow) නිවේදන නිකුත් කර ඇත. අදාළ ප්රදේශවල කඳුකර ආශ්රිතව ජීවත් වන ජනතාව නායයෑම් සහ පස් කඩා වැටීම් අවදානම් පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ අංශ දැඩි ලෙස දැනුම් දෙයි.













