පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ දෙවන කාර්තුවේදී ගෘහ ඒකක වෙත ලබාදුන් ණය ප්‍රමාණය සියයට 25.4කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පසුගිය වසරේ එම කාල පරිච්ඡේදයේදී සියයට 15කට අඩු අගයක පැවති මෙම ණය වර්ධනය මෙලෙස කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත.
ගෘහ ඒකක වෙත ලබා දී ඇති සමස්ත ණයවලින් සියයට 49ක්ම බස්නාහිර පළාතට පිරිනමා තිබීම විශේෂත්වයක් වන අතර, මෙම ණය වලින් වැඩිම ප්‍රමාණයක් ලබා දී ඇත්තේ වාහන මූල්‍යකරණය සහ රන් උකස් ණය මත බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.














