දියවැටුණු සිව් හැවිරිදි කුඩා දරුවෙකුගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කළ ශ්‍රී ලංකා යුද හමුදා ලාන්ස් කෝප්‍රල් එල්. එච්. වී. ජයනාත් මහතා යුද හමුදා මූලස්ථානයේදී හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලාන්ත ප්‍රේමරත්න මහතා විසින් ඇගයීමට ලක් කර ගෞරවාචාර පුද කර තිබේ.
නිවාඩු ලැබ ගම ගොස් සිටියදී පසුගිය සැප්තැම්බර් 28 වැනි දින පස්යාල ප්‍රදේශයේ මරණ ගෙදරකට සහභාගී වෙමින් සිටියදී ලිඳකට වැටී අනතුරට ලක්ව සිටි සිව් හැවිරිදි දරුවෙකු දැක, ක්ෂණිකව ක්‍රියාත්මක වී ලිඳට පැන දරුවා බේරා ගැනීමට ලාන්ස් කෝප්‍රල් ජයනාත් මහතා සමත් විය. ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 14 වැනි රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කරන මෙම සෙබළාගේ ඉක්මන් ක්‍රියාකාරීත්වය, ධෛර්යය සහ අන් අයගේ ජීවිත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දැක්වූ වගකීම යුද හමුදාපතිවරයා මෙහිදී ඉහළින් අගය කළේය.














