ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය ආධාර යටතේ රුපියල් මිලියන 50ක වියදමින් ආනමඩුව මූලික රෝහලේ වාට්ටු හතරක් නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ඊයේ (11) රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කරන ලදී.
ප්‍රදේශයේ ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ උසස් තත්ත්වයේ සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මෙම යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය ඉදිරි මාස හය තුළ අවසන් කිරීමට නියමිතය. ව්‍යාපෘතියේ ආරම්භක කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා රෝහල් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් රෝහල් කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා පවත්වන ලදී.














