කොළඹ වරාය නගරයේ ආයෝජකයන්ගෙන් කප්පම් ලබාගත් බවට සැකපිට චීන ජාතිකයෙකු කොළඹ මධ්යම අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී රටවල් කිහිපයකට අයත් ව්යාජ විදේශ ගමන් බලපත්ර හතරක් ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
අදාළ සැකකරු චීනයේ සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ අයෙකු බවට ද තොරතුරු වාර්තා වී තිබේ. කෙසේ වෙතත්, එම චෝදනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.














