බන්ධනාගාරගතව සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් ආරම්භ කළ පාද යාත්රාවේ සිව්වන දිනය අද (13) වරකපොළ නගරයෙන් ආරම්භ කර තිබේ.
‘සිවුරට යුක්තිය – ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාද යාත්රාව’ ලෙස නම් කර ඇති මෙම පාද යාත්රාව අද දිනයේදී නිට්ටඹුව නගරය දක්වා ගමන් කිරීමට නියමිතය.
පසුගිය ඔක්තෝබර් 10 වැනිදා මහනුවර ශ්රී දළදා මාලිගා පරිශ්රයෙන් ආරම්භ වූ පාද යාත්රාව පළමු දිනයේදී කඩුගන්නාව දක්වාත්, දෙවන දිනයේදී කෑගල්ල දක්වාත් ගමන් කර තිබේ. ඊයේ (12) කෑගල්ලෙන් ආරම්භ වූ පාද යාත්රාව වරකපොළ දක්වා පැමිණ ඇත.
නිට්ටඹුව සහ කඩවත නගර පසුකරමින් ලබන ඔක්තෝබර් 15 වැනිදා වන විට කොළඹට ළඟා වීම පාද යාත්රාවේ අපේක්ෂාවයි.














