ශ්රී ලංකාවේ මධ්යම කඳුකරයේ මනරම් පරිසරයක පිහිටි කාමර 16කින් සමන්විත EKHO Belihuloya හෝටලය විවෘත කිරීමත් සමඟ EKHO Hotels & Resorts සිය හෝටල් ජාලය තවදුරටත් පුළුල් කර තිබේ. මෙය EKHO සන්නාමය යටතේ ක්රියාත්මක වන හයවැනි හෝටලයයි.
බෙලිහුල්ඔය සහ ඒ අවට ප්රදේශ ගවේෂණය කිරීමට පැමිණෙන සංචාරකයන්ට පහසු නවාතැන් මධ්යස්ථානයක් ලෙස මෙම හෝටලය ස්ථානගත කර ඇත. ස්වාභාවික සුන්දරත්වය, වික්රමාන්විත ක්රියාකාරකම් සහ නවීන පහසුකම් එකම අත්දැකීමක් තුළ ලබාදීම එහි අරමුණයි.
හෝටලයේ කාමර 16ම සම්පූර්ණයෙන් නවීකරණය කර ඇති අතර, අවට පරිසරයේ අනන්යතාව රැකගනිමින් සුවපහසු නවාතැන් අත්දැකීමක් ලබාදීමට ඒවා සකස් කර තිබේ. පැරණි බෙලිහුල්ඔය තානායමේ සුවිශේෂී ලක්ෂණ කිහිපයක්ද පොදු අවකාශ තුළ සංරක්ෂණය කර ඇත.
මේ අතර, ඓතිහාසික කිතුල්ගල තානායමද නවීකරණය වෙමින් පවතින අතර, එය ඉදිරියේදී EKHO සන්නාමය යටතේ නැවත විවෘත කිරීමට නියමිතය. බෙලිහුල්ඔය සහ කිතුල්ගල එක් කරමින් වික්රමාන්විත හා එළිමහන් අත්දැකීම් කේන්ද්ර කරගත් EKHO Adventure Cluster සංකල්පය තවදුරටත් ශක්තිමත් කිරීමට සැලසුම් කර තිබේ.
EKHO Hotels & Resorts හි අලෙවි හා විකුණුම් උප සභාපති ඒඩ්රියන් ජෑන්ස් මහතා සඳහන් කළේ, පැරණි තානායමේ අනන්යතාව රැකගනිමින් බෙලිහුල්ඔය ගවේෂණය කරන සංචාරකයන්ට සුවපහසු නවාතැන් පහසුකම් සැලසීම මෙම ව්යාපෘතියේ අරමුණ බවයි.














