හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට සහ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව ලබන 29 වැනිදා දක්වා කල් තබා තිබේ.
අදාළ නඩුව අද (13) කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ගොනු කර ඇති මෙම නඩුව ඔක්තෝබර් 29 වැනිදා යළි කැඳවීමට නියමිතය.












