2027 පාසල් වර්ෂය සඳහා පාසල් දරුවන් ලක්ෂ 15කට රුපියල් 6,000 බැගින් ලිපිද්රව්ය දීමනාවක් ලබාදීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව, අස්වැසුම වැඩසටහනට ඇතුළත් පවුල්වල පාසල් දරුවන් ලක්ෂ 10කට අදාළ මුදල සෘජුවම ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.
එමෙන්ම, අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශය මඟින් හඳුනාගත් තවත් පාසල් දරුවන් ලක්ෂ 5කට රුපියල් 6,000ක් වටිනා වවුචර්පත් ලබාදීමටද සැලසුම් කර තිබේ.
2025 වසරේ සිට ක්රියාත්මක වන මෙම පාසල් ලිපිද්රව්ය දීමනා වැඩසටහන 2027 වසරේදීත් ක්රියාත්මක කිරීමට අවශ්ය පියවර ගන්නා බව ජනාධිපතිවරයා අමාත්ය මණ්ඩලය දැනුවත් කර ඇත.














