හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා අමාත්ය ධුරය දැරූ සමයේ සතොස ආයතනයේ ක්රියාකාරී අධ්යක්ෂවරයකු ලෙස සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයකු ලෙස කටයුතු කළ පුද්ගලයකු ලබන 21 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද (13) නියෝග කර තිබේ.
මුල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සැකකරු ඊයේ (12) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර, අද දිනයේදී ඔහු යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.
2011 වසරේ පැවති ‘සතොස සතිය’ උත්සවය සඳහා සමූපකාර සංවර්ධන අරමුදලින් වෙන් කළ මුදලින් රුපියල් ලක්ෂ 18ක මුදලක් සාවද්ය පරිහරණය කිරීමට කුමන්ත්රණය කළ බවට එල්ල වී ඇති චෝදනාවක් සම්බන්ධයෙන් මෙම නඩු කටයුත්ත ක්රියාත්මක වේ.














