මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන මුදල් යොදා මිලදී ගත් බවට අනාවරණය වූ රුපියල් මිලියන 22ක් පමණ වටිනා BMW වර්ගයේ මෝටර් රථයක් දින 14ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පියවර ගෙන තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මීගමුව ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු විසින් ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන මුදල් යොදා සිය පුත්‍රයාගේ නමින් දේපළ මිලදී ගෙන ඇති බවට ලැබුණු තොරතුරු මත මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
ඒ අනුව, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අදාළ BMW මෝටර් රථය විකිණීම, පැවරීම හෝ වෙනත් ගනුදෙනුවක් සිදු කිරීම වැළැක්වීම සඳහා 2026 ඔක්තෝබර් 13 වැනිදා සිට දින 14ක කාලයක් සඳහා ක්‍රියා විරහිත කිරීමේ නියෝගයක් නිකුත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.















