සෞදි අරාබියේ පවතින වත්මන් තත්ත්වය හේතුවෙන් එරටට පැමිණෙන සහ එරටින් පිටත්ව යන ගුවන් ගමන්වලට බාධා ඇති විය හැකි බවට ජෙඩාහි පිහිටි ශ්රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය ශ්රී ලාංකිකයන්ට දැනුම්දී තිබේ.
එම කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, සෞදි අරාබියේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන පිරිස්, විශේෂයෙන් උම්රා වන්දනාවේ නිරත වීමට සැලසුම් කරන වන්දනාකරුවන්, සංචාරයට පෙර ගුවන් ගමන් තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය.
සංචාරක කටයුතු සැලසුම් කිරීමේදී තමන්ගේ උම්රා කණ්ඩායම් නියෝජිතයන් හෝ සංචාරක නියෝජිතයන් සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වා ගන්නා ලෙස ද උපදෙස් ලබාදී තිබේ.
එමෙන්ම, හදිසි හෝ අනපේක්ෂිත තත්ත්වයක් ඇති වුවහොත් ක්රියාත්මක කළ හැකි විකල්ප සංචාරක සැලසුමක් සූදානම් කරගෙන සිටීමේ වැදගත්කම ද කොන්සල් ජනරාල් කාර්යාලය අවධාරණය කර ඇත.
සංචාරයට පෙර ගුවන් සේවයෙන් හෝ අදාළ සංචාරක නියෝජිතයාගෙන් ගුවන් ගමන් පිළිබඳ නවතම තොරතුරු තහවුරු කරගැනීම වැදගත් වේ.
















