“පොලිසිය ඉදිරිපිටදීම මැරයන් සාම පාගමනට පහර දෙනවා. අපට බෆල් දාන්න දෙන්නේ නැහැ. ඔවුන්ට පහර දීලා යන්න ආරක්ෂාව දෙනවා. කමක් නැහැ. ඔකයි ඇත්ත. කෙළින්ම මාව මරන්න. අහිංසක මිනිසුන්ට ගහලා යන්න එපා” යනුවෙන් සාම පාගමනට එල්ල වූ ප්රහාරය සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ.
එම ප්රකාශය තුළින් සාමකාමීව විරෝධය පළ කරන ජනතාවට එල්ල වන ප්රචණ්ඩත්වය පිළිබඳව විරෝධය පළ කර ඇති අතර, අහිංසක මිනිසුන්ට පහර නොදෙන ලෙසද ඉල්ලා තිබේ.
“සියලු සත්වයෝ සුවපත් වේවා” යනුවෙන්ද එම ප්රකාශය අවසන් කර ඇත.















