ශ්රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක කපිල චන්ද්රසේන මහතාගේ අබිරහස් මරණයට අදාළව, මියගිය ස්ථානයේ තිබී සොයාගත් ඖෂධ වර්ග 4ක් සම්බන්ධ රස පරීක්ෂක වාර්තා තවමත් ලැබී නොමැති බව කොළඹ අපරාධ කොට්ඨාශය (CCD) අද (14) කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා හමුවේ දන්වා තිබේ.
අනෙක් වාර්තා ලැබී ඇතත්, අදාළ ඖෂධ සම්බන්ධ රස පරීක්ෂක වාර්තා ලබාදීමට තවත් සති 3ක පමණ කාලයක් ගතවනු ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාශය දැනුම් දී ඇත. මරණය සිදුවී මාස කිහිපයක් ගතවී ඇතත් තවමත් වාර්තා ලැබී නොමැති වීම පිළිබඳව මෙහිදී මහේස්ත්රාත්වරයා සිය අප්රසාදය පළ කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවද තවමත් ලැබී නොමැති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට තහවුරු කර තිබේ.
















