පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක කිහිපයක ප්රදේශ සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නාය යෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. මෙම නිවේදනය අද (14) සවස 4:00 සිට හෙට (15) සවස 4:00 දක්වා පැය 24ක කාලයක් සඳහා බලපැවැත්වේ.
ඒ අනුව, නුවරඑළිය (මතුරට, වලපනේ, හඟුරන්කෙත, නිල්දණ්ඩාහින්න) සහ රත්නපුර (බලංගොඩ, කොළොන්න) යන දිස්ත්රික්ක සඳහා මට්ටම 2 (අවධානය – ඇම්බර්) යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, හම්බන්තොට, කළුතර, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර සහ රත්නපුර යන දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයක් සඳහා මට්ටම 1 (විමසිලිමත් වන්න – කහ) යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
අධික වැසි හේතුවෙන් කඳුකර සහ බෑවුම් සහිත ප්රදේශවල පදිංචි ජනතාව නාය යාමේ අවදානම් තත්ත්වයන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, හදිසි අවස්ථාවකදී ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වීමට සූදානම් වන ලෙසත් ආපදා කළමනාකරණ අංශ දැනුම් දී සිටියි.
















