කටුනායක – සීදූව සහ ලියනගේමුල්ල යන ප්රදේශවල දෛනිකව දිනකට කිහිපවරක් විදුලිය බිඳවැටීම හේතුවෙන් ප්රදේශවාසීන් සහ ව්යාපාරික ප්රජාව දැඩි අපහසුතාවකට පත්ව සිටිති.
දීර්ඝ කාලයක සිට මෙලෙස විදුලිය බිඳවැටෙන බව ප්රදේශවාසීන් පෙන්වා දෙන අතර, මේ දිනවල පවතින වැසි සහිත කාලගුණය නිසා සූර්ය විදුලි ජනනය අවම මට්ටමක පැවතීම හේතුවෙන් සවස් කාලයේ විදුලිය කප්පාදු කිරීමට සිදුව ඇති බව ලංකා විදුලි සමාගමේ (LECO) මීගමුව ශාඛාවේ ප්රධාන ඉංජිනේරුවරයා සඳහන් කර ඇත. එසේම, මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා නව ක්රමවේදයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්, දිනකට කිහිප වතාවක් විදුලිය කප්පාදු කරන බවට වන චෝදනාව ඔහු ප්රතික්ෂේප කර ඇති බවත් වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම තත්ත්වය නිසා ඉන්ධන දහනය කරමින් විදුලි උත්පාදක යන්ත්ර ක්රියාත්මක කිරීමට සිදුවීම හේතුවෙන් තමන්ට අධික පිරිවැයක් දැරීමට සිදුව ඇති බව එම ප්රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලා ඇතුළු ව්යාපාරිකයින් පෙන්වා දෙයි.
















