මාදුරුඔය ජාතික උද්යානයේ උල්හිටිය අඩවි ආරක්ෂක කාර්යාලයට ලද තොරතුරකට අනුව මහියංගනය වේවත්ත, ඇඹලවත්ත ප්රදේශයේ නිවෙසක පසුගිය 10 වන දින රාත්රියේ සිදුකළ හදිසි වැටලීමකදී මෙරට නිෂ්පාදිත නීතිවිරෝධී ගිනිඅවියක් සහ තිත් මුවෙකුගේ වියළි සමක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
උල්හිටිය අඩවි ආරක්ෂක කාර්යාලයේ වනසත්ත්ව අඩවි ආරක්ෂක ආර්.ජී.අයි.පී.කේ. රණතුංග මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී සැකකරු සන්තකයේ තිබී වෙඩි බෙහෙත් සහ ඊයම් කැබලි ද සොයාගෙන ඇත. පසුගිය 10 වන දින මහියංගනය වැඩබලන මහේස්ත්රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත මුදාහැර ඇති අතර, නඩුව යළි නොවැම්බර් 12 වන දින කැඳවීමට නියමිතය.
















