විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවකු වන ‘පලනි කැනිස්ටර්‘ නැමැත්තාගේ කල්ලියේ ප්රධාන වෙඩික්කරුවකු සහ පැදිකරුවකු ගිනි අවියක් හා අයිස් මත්ද්රව්ය සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී සැකකරුවන් සමඟ ෂොට්ගන් වර්ගයේ ගිනි අවියක්, බෝර 12 උණ්ඩ 05ක් සහ අයිස් මත්ද්රව්ය ග්රෑම් 22යි මිලිග්රෑම් 340ක් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 2025 නොවැම්බර් මාසයේදී ‘පලනි කැනිස්ටර්‘ කණ්ඩායමට එකතු වීමට කළ ඉල්ලීම ප්රතික්ෂේප කිරීම හේතුවෙන් ‘අසේල‘ නමැත්තෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව ප්රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ. ඊට අමතරව, ඝාතනයට ලක් වූ අසේල නමැත්තාගේ දරුවන් දෙදෙනාගෙන් එක් අයකුටද වෙඩිතබා ඝාතනය කිරීමට මෙම සැකකරුවන් දෙදෙනා සැලසුම් කර තිබූ බව පොලිසිය පවසයි. කොටහේන ප්රදේශයේ පදිංචි 23 හැවිරිදි මෙම සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කොටහේන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.


















