මෙරට HIV ආසාදන ඉහළ යාමට පිරිමි – පිරිමි අතර සිදුවන අනාරක්ෂිත ලිංගික සබඳතා ප්රධාන හේතුවක් වී ඇති බව ලිංගාශ්රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්ය නිමාලි ජයසූරිය පවසයි.
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශ ශ්රවණාගාරයේ පැවැති විශේෂ මාධ්ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය. HIV ආසාදිත එක් කාන්තාවක් වාර්තා වන විට ආසාදිත පිරිමි පුද්ගලයන් හත්දෙනකු වාර්තා වන ප්රවණතාවක් දක්නට ලැබෙන බව ඇය පෙන්වා දුන්නාය. කෙසේ වෙතත්, HIV වැළැක්වීම සහ ආසාදිතයන්ට ප්රතිකාර ලබාදීම සඳහා ශ්රී ලංකාව තුළ නවීන ප්රතිකාර ක්රම පවතින බවත්, අතුරු ආබාධ අවම වීම, භාවිත කළ යුතු ඖෂධ ප්රමාණය අඩු වීම සහ නොමිලේ ප්රතිකාර ලබා ගැනීමට හැකි වීම එම ප්රතිකාර ක්රමවල ඇති වාසියක් බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.


















