පාකිස්තානයේ පැවති වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් විස්සයි20 ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම අද (16) සමත් විය.
ෆයිසලාබාද්හි පැවති අවසන් තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කරමින් ශ්රී ලංකා යොවුන් ක්රීඩිකාවෝ මෙම ජයග්රහණය වාර්තා කළහ.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 158ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ බංග්ලාදේශයට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 154ක් පමණි.
ඒ අනුව, ලකුණු 4ක තියුණු ජයක් සමඟින් තුන්කොන් විස්සයි20 තරගාවලියේ ශූරතාව ශ්රී ලංකාවට හිමි විය.
















