පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඉදිකර තිබූ තාවකාලික අට්ටාල සහ අනෙකුත් ඉදිකිරීම් මහා සංඝරත්නය විසින් ඉවත් කරගෙන තිබේ.
ඒ අනුව, එම ස්ථානයේ රැඳී සිටි භික්ෂූන් වහන්සේලා මේ වන විට බුද්ධශාසන අමාත්යාංශය ආසන්නයට වැඩම කර ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බලංගොඩ කස්සප හිමියන් සඳහන් කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවති විරෝධතාවයෙන් අනතුරුව තම ගැටලු ඉදිරිපත් කිරීම සඳහා අධිකරණයට ගියද, අද දිනයේදී ඊට අදාළ සුදුසු නීතිමය ක්රියාමාර්ගයක් හෝ අවසරයක් ලබාගැනීමට නොහැකි වූ බවයි.
චීවර පූජාව සිදුකිරීම සම්බන්ධයෙන් අවශ්ය කටයුතු විධිමත් කිරීමේ බලය හා වගකීම බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට පැවරී ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ, ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා අද රාත්රියේ බුද්ධශාසන අමාත්යාංශය අසල රැඳී සිටීමට කටයුතු කරන බවද සඳහන් කර තිබේ.
















