ශ්රී ලංකා ගුවන් හමුදාවේ කැඩෙට් නිලධාරීන් 29 දෙනෙකු සහ නිලධාරිනියන් 14 දෙනෙකු ඇතුළු 43 දෙනෙකු අධිකාරියට පත්කිරීම හා පියාසර නිල ලාංඡන පැළඳවීමේ පෙළපාලිය අද (16) උදෑසන චීනවරාය ගුවන් හමුදා විද්යාපීඨයේදී පැවැත්විණි.
ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියාකොන්තා මහතාගේ ප්රධානත්වයෙන් සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ සහභාගීත්වයෙන් මෙම උත්සවය පවත්වා ඇත. ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයීය සහ ගුවන් හමුදා කැඩෙට් පාඨමාලා නියෝජනය කළ මෙම නිලධාරීන් අධිකාරියට පත්කිරීමට අමතරව සරඹ, පැරෂුට් සහ ගුවන්යානා සංදර්ශන ද මෙහිදී ඉදිරිපත් කෙරිණි. එහිදී සෑම අතින්ම දක්ෂතම කැඩෙට් නිලධාරියා ලෙස පයිලට් ඔෆිසර් එච්. ජී. ඩබ්ලිව්. ඩී. ජයරත්න සම්මාන ලැබූ අතර දක්ෂතම ගුවන් නියමු කැඩෙට් නිලධාරියා ලෙස පයිලට් ඔෆිසර් ආර්. එම්. එච්. කේ. රත්නායක සම්මාන ලැබීය.
















