මෙරට රාජ්ය ආදායම් රැස් කරනු ලබන ප්රධාන ආයතනයන්හි ප්රතිසංස්කරණ සහ නවීකරණ කාර්යයන්හි ප්රගතිය සම්බන්ධයෙන් ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) නියෝජිතයන් සහ ජනාධිපති කාර්යාලයේ ආදායම් පරිපාලන, ප්රතිසංස්කරණ සහ නවීකරණ කාර්යාංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ප්රගති සමාලෝචන රැස්වීමක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වනු ලැබීය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්රී ලංකා රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන ප්රමුඛතම ආයතන තුනේ ආදායම් රැස් කිරීමේ කාර්යක්ෂමතාව මෙහිදී ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයන්ගේ ඇගයීමට ලක් වූ අතර, එම ආයතනවල ක්රියාත්මක ප්රතිසංස්කරණ සහ නවීකරණ වැඩපිළිවෙළවල ප්රගතිය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. අදාළ ආයතනවල අවදානම් කළමනාකරණය ශක්තිමත් කිරීම, මානව සම්පත් සංවර්ධනය සහ පරිගණක පද්ධති කාර්යක්ෂමව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳවද IMF නියෝජිතයෝ විශේෂ අවධානයක් යොමු කළහ. ජනාධිපති ජ්යෙෂ්ඨ අතිරේක ලේකම් සීවලී අරුක්ගොඩ මහතා ඇතුළු රාජ්ය නිලධාරීන් සහ ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















