රෝගාතුරව ගල්ගමුව, උස්ගල සියඹලංගමුව ප්රදේශයේ වෙල්යායක වැටී සිටින කාවන්තිස්ස ඇතාගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අද (16) එම ස්ථානයට පැමිණ තිබේ.
දින කිහිපයක සිට රෝගාතුරව සිටින මෙම ඇතාට ප්රතිකාර කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පශු වෛද්යවරුන් සමඟ පොලිසිය, යුද හමුදාව සහ ස්වේච්ඡා සංවිධාන එක්ව සිටී. ඊයේ දිනයේදී ප්රතිකාර ලැබීමෙන් පසු කිලෝමීටර් දෙකක පමණ දුරක් ගමන් කර යළි බිම ඇදවැටී තිබූ කාවන්තිස්ස ඇතාගේ තත්ත්වය අද සවස් කාලය වන විට සාමාන්ය සුව අතට හැරෙමින් පවතින බව වාර්තා වේ.
















