පාර්ලිමේන්තුව ලබන ඔක්තෝබර් 20 සිට 23 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පවසයි.
නියෝජ්ය කථානායක වෛද්ය රිස්වි සාලි මහතාගේ ප්රධානත්වයෙන් අද (16) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී අදාළ දිනවල පාර්ලිමේන්තු කටයුතු තීරණය කර ඇත. ඒ අනුව, ඔක්තෝබර් 20 වැනි අඟහරුවාදා විපක්ෂය ගෙන එන සභාව කල් තැබීමේ යෝජනාවද, 21 වැනි බදාදා රාජ්ය ණය කළමනාකරණ පනත යටතේ යෝජනා සම්මතය සහ පරිපූරක ඇස්තමේන්තුවද විවාදයට ගැනීමට නියමිතය. තවද, 22 වැනි බ්රහස්පතින්දා විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග පනත් කෙටුම්පත් ද, 23 වැනි සිකුරාදා ජලභීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත ද දෙවැනිවර කියවීම සඳහා විවාදයට ගැනීමට නියමිතව තිබේ.
















