ජාවාරම්කරුවන් විසින් අතහැර දමා යන ලද බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්රෑම් 125ක පමණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
වයඹ නාවික විධානයට අයත් ශ්රී ලංකා නාවික නෞකා තම්බපන්නි ආයතනය විසින් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවත් සමඟ එක්ව පෙරියපාඩු වෙරළ ප්රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙම සැකකටයුතු උර තුනක් පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී මෙම බීඩි කොළ තොගය සොයාගත් අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා එය පුත්තලම සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබේ.
















