පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහා සංඝරත්නය ඇතුළු පිරිසක් කොළඹ විහාරමහා දේවි උද්යානයේ කඳවුරු බදිමින් රැඳී සිටින බව වාර්තා වේ.
අද (16) දහවල් වන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි භික්ෂූන් වහන්සේ පිරිස අනතුරුව බුද්ධශාසන අමාත්යාංශය ඉදිරිපිටට වැඩම කර ඇති අතර, එහිදී අමාත්යාංශ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් ඉල්ලීම් සඳහා විසඳුමක් ලැබෙන තෙක් විහාරමහා දේවි උද්යානයේ රැඳී සිටින බව පූජ්ය බලංගොඩ කස්සප හිමි ප්රකාශ කළහ. ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා මහනුවර දළදා මාලිගා පරිශ්රයෙන් ආරම්භ වූ ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන’ ඊයේ (15) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි අතර, අධිකරණ නියෝගයක් සහ පොලිසිය කළ දැනුම්දීමකට අනුව එම පිරිස පසුව එම ස්ථානයෙන් ඉවත් වී මෙම පියවර ගෙන ඇත.
අපගේ සියලුම සමාජ මාධ්ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
















