කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (16) දින ඒකක 213.90කින් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,185.05ක් ලෙස සටහන් වූ අතර, එය සියයට 1.07ක ප්රතිශතයක ඉහළ යෑමකි. අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 1.1ක් ලෙස වාර්තා වී ඇත.
















