ජනාධිපති අරමුදල මඟින් ක්රියාත්මක කරනු ලබන විශේෂ වැඩසටහනක් යටතේ රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316 දෙනෙකු සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීම හෙට (17) සිදු කිරීමට නියමිතව තිබේ.
ජනාධිපති මාධ්ය අංශය පවසන පරිදි, පසුගිය සැප්තැම්බර් 19 වැනි දින අක්ෂි පරීක්ෂාවන්ට මුහුණ දුන් සිසුන් වෙත රජරට විශ්වවිද්යාල පරිශ්රයේදී මෙම කණ්ණාඩි බෙදා දීම සිදු කෙරේ. එක්සත් රාජධානියේ ස්ට්රවුඩ් රොටරි සමාජය (Stroud Rotary Club) සහ ‘විෂ්’ පදනමේ (Wish Foundation) සහභාගීත්වයෙන් මෙම ව්යාපෘතිය ක්රියාත්මක වන අතර, විශ්වවිද්යාල සිසුන්ගේ දෘශ්යාබාධ සඳහා පහසුකම් සැලසීම මෙහි අරමුණයි. මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ රජරට විශ්වවිද්යාලය තෝරාගෙන ඇති අතර, දෙවන අදියර පසුගිය ඔක්තෝබර් 10 වැනි දින රුහුණු විශ්වවිද්යාලයේදී පවත්වන ලදී.
















