පෙනහළු සැත්කමකට භාජනය වීමෙන් සහ පෙනහළු පිළිකාවක් ඇති බවට හඳුනාගැනීමෙන් පසු, 14 වන ලියෝ පාප් වහන්සේ රෝහලේ සිට දිව්ය පූජාවක් පවත්වන ආකාරය දැක්වෙන ඡායාරූප වතිකානය විසින් පළමු වරට නිකුත් කර තිබේ.
රෝමයේ ජෙමෙල්ලි රෝහලේදී සාර්ථකව පෙනහළු සැත්කමකට මුහුණ දුන් 71 හැවිරිදි පාප් වහන්සේ, රෝහලේ දහවැනි මහලේ සකස් කළ තාවකාලික පූජාසනයක් අසල සිට වෛද්යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය සමඟ එක්ව මෙම දිව්ය පූජාව පවත්වා ඇත. සැත්කමෙන් පසු උන්වහන්සේගේ සමස්ත සෞඛ්ය තත්ත්වය ක්රමයෙන් යහපත් අතට හැරෙමින් පවතින බවත්, එක්ස් කිරණ පරීක්ෂණ මඟින් පෙනහල්ල යථා තත්ත්වයට පත්වීමේ යහපත් ලක්ෂණ පෙන්නුම් කරන බවත් වෛද්යවරුන් සඳහන් කර තිබේ.
















