දිවයිනේ ප්රදේශ රැසකට අද රාත්රියේදීත් තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්යම, උතුරු මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි අතර, හෙට දිනයේදීත් දිවයිනේ බොහෝ ප්රදේශවලට මිලිමීටර 75ක පමණ තද වැසි අපේක්ෂා කෙරේ. අයහපත් කාලගුණය හේතුවෙන් බෙලිඅත්ත – හක්මන මාර්ගය වලවෙල ප්රදේශයෙන් ජලයෙන් යටවී ඇති අතර, බදුල්ල, මහනුවර, මාතලේ, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර, කළුතර සහ කුරුණෑගල දිස්ත්රික්ක සඳහා නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර ඇත.
















