පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් කොළඹ විහාරමහා දේවි උද්යානයේ සත්යග්රහයක නිරතව සිටිති.
ඊයේ (16) පස්වරුවේ එම ස්ථානයට පැමිණි භික්ෂූන් වහන්සේලා රාත්රියේදී අට්ටාලයක් ඉදිකිරීමට උත්සාහ කිරීමත් සමඟ පොලීසිය සහ භික්ෂූන් වහන්සේලා අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව අද දෙරණ වාර්තා කරයි.
සත්යග්රහයේ නිරත පූජ්ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් ප්රකාශ කර ඇත්තේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන තෙක් එම ස්ථානයෙන් ඉවත් නොවන බවයි.
ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා ක්රියාත්මක වූ ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන’ ඔක්තෝබර් 10 වැනිදා මහනුවර ශ්රී දළදා මාලිගාව අසලින් ආරම්භ කර ඔක්තෝබර් 16 වැනිදා කොළඹට ළඟා විය.
ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි භික්ෂූන් වහන්සේලා පසුව බුද්ධශාසන අමාත්යාංශය වෙත ගොස් නිලධාරීන් සමඟ සාකච්ඡා කර තිබේ. එම සාකච්ඡාවෙන් අපේක්ෂිත විසඳුමක් නොලැබුණු බව පවසමින් ඔවුන් විහාරමහා දේවි උද්යානයට පැමිණ සත්යග්රහය අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කර ඇත.
















