වැලිකන්ද රක්ෂිතයේ වල් ඌරකු දඩයම් කර මස් අලෙවි කිරීමට සූදානම්ව සිටි බව කියන පුද්ගලයන් තිදෙනකු වැලිකන්ද වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
වැලිකන්ද, මාලින්ද ගම්මානයේ සිදුකළ හදිසි වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ලැබුණු තොරතුරකට අනුවය.
එහිදී කැබලි කර පැකට් කර තිබූ වල් ඌරු මස් සමඟ පිහි පහක්, තරාදියක් සහ මස් ඇසුරුම් කිරීමට යොදාගත් බෑග් ද වනජීවී නිලධාරීන් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඔක්තෝබර් 15 වැනිදා සවස පොලොන්නරුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබූ බව වාර්තාවේ සඳහන් වේ.
















