ජාත්යන්තර දිළිඳුකම පිටුදැකීමේ දිනය අද (17)ට යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ “සියලු දෙනාට ආරක්ෂිත නිවාස” යන්නයි.
දිළිඳුකම වර්තමාන ලෝකය මුහුණ දෙන ප්රධාන සමාජ හා ආර්ථික ගැටලුවක් බවට පත්ව ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව ලොව පුරා මිලියන 700ක පමණ ජනතාවක් දිළිඳුකමින් පීඩා විඳිති.
එම ජනතාවගෙන් වැඩි පිරිසක් උප සහරා අප්රිකානු කලාපයේ ජීවත් වන බව සඳහන් වේ. දිළිඳුකමින් පීඩා විඳින බොහෝ දෙනකු සන්නද්ධ ගැටුම් සහ දේශපාලන නොසන්සුන්තාවලින් බලපෑමට ලක්වූවන් බවද වාර්තා වේ.
මේ අතර, 2022 වසරේ ඇති වූ දැඩි ආර්ථික අර්බුදයෙන් පසුව ශ්රී ලංකාවේද දිළිඳුකම ඉහළ ගොස් තිබේ. ලෝක බැංකු තක්සේරුවලට අනුව මෙරට ජනගහනයෙන් සියයට 24කට ආසන්න පිරිසක් තවමත් දිළිඳුකමින් පීඩා විඳිති.
දිළිඳුකම අවම කිරීම, සියලු දෙනාට ආරක්ෂිත නිවාස සහ මූලික පහසුකම් සැලසීම මෙන්ම අවදානමට ලක්වූ ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමේ අවශ්යතාව මෙම දිනයේදී යළිත් අවධාරණය කෙරේ.
















