මධ්යම පළාත් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අයිස් මත්ද්රව්ය සහ හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
2026 ඔක්තෝබර් 16 වැනිදා දහවල් කඩුගන්නාව පොලිස් වසමේ ගල්බිංගේ ප්රදේශය ආසන්නයේදී ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්රව්ය ග්රෑම් 100ක් සහ හෙරොයින් ග්රෑම් 10ක් සොයාගෙන තිබේ.
අනතුරුව සිදුකළ වැඩිදුර විමර්ශනවලදී සැකකරුගේ නිවසේ තිබී තවත් හෙරොයින් ග්රෑම් 500ක් පොලිස් භාරයට ගෙන ඇත. සොයාගත් මත්ද්රව්ය සමඟ සැකකරු කඩුගන්නාව පොලිස් ස්ථානයට භාරදී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32ක් වන පන්නල ප්රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කඩුගන්නාව පොලිසිය විසින් සිදුකරනු ලබයි.
















