ශ්රී ලංකාවේ අලි ඇතුන් ඇතුළු වනජීවීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ව්යවස්ථාමය වෙනස්කම් සිදුකිරීමේ අවශ්යතාව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා අවධාරණය කර තිබේ. ඒ අනුව, අලි ඇතුන්, වනජීවීන්, ජෛව විවිධත්වය සහ පරිසරය ආරක්ෂා කිරීමේ අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් ලෙස පිළිගැනීමට යෝජනා කර ඇත.
කාවන්තිස්ස දළ ඇතාගේ මරණයත් සමඟ වනජීවී සංරක්ෂණය පිළිබඳ අවධානය යොමු කරමින් මෙම යෝජනා ඉදිරිපත් කර ඇති අතර, ඇතාගේ මරණය සම්බන්ධයෙන් දේශීය හා විදේශීය විශේෂඥයන්ගේ සහාය ඇතිව පුළුල් පරීක්ෂණයක් සිදුකළ යුතු බවද සජිත් ප්රේමදාස මහතා පෙන්වා දී තිබේ.
එමෙන්ම, කාවන්තිස්ස ඇතාගේ රුධිර පරීක්ෂණ වාර්තා, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සහ ලබාදුන් ප්රතිකාර පිළිබඳ තොරතුරු පාර්ලිමේන්තුවේදී විමසීමටද ඔහු අපේක්ෂා කරන බව සඳහන් වේ.
අලි ඇතුන්ගේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා විශේෂ අලි රෝහලක්, හදිසි පශු වෛද්ය ප්රතිචාර කණ්ඩායමක් සහ ජාතික අලි දත්ත පද්ධතියක් ස්ථාපිත කිරීමේ යෝජනාද ඉදිරිපත් කර තිබේ.
















