• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නවීන තාක්ෂණයෙන් මිනින්දෝරු සේවය සවිබල ගන්වන්න රජයෙන් පහසුකම් දෙනවා

ජනපති අනුර

23 October 2026
in දේශීය, පුවත්
නවීන තාක්ෂණයෙන් මිනින්දෝරු සේවය සවිබල ගන්වන්න රජයෙන් පහසුකම් දෙනවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කාර්යක්ෂම හා නවීන තාක්ෂණයෙන් සන්නද්ධ මිනින්දෝරු සේවයක් අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට රජය සූදානම් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (23) පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති රජයේ මිනින්දෝරු සංගමයේ 100 වැනි වාර්ෂික සම්මේලනයට එක්වෙමිනි.
මිනින්දෝරු සේවයට අවශ්‍ය නවීන තාක්ෂණික උපකරණ පිළිබඳ තක්සේරු අධ්‍යයනයක් ඉදිරිපත් කරන්නේ නම්, ඒ සඳහා අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට සූදානම් බව ජනාධිපතිවරයා පැවසීය. එමෙන්ම මානව සම්පත් සංවර්ධනය, දීමනා සම්බන්ධ ගැටලු සහ සේවා ව්‍යවස්ථාවේ අවශ්‍ය සංශෝධන පිළිබඳවද අවධානය යොමු කරන බව ඔහු සඳහන් කළේය.
රජයේ ආර්ථික තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියා සිටියේ 2025 වසරේදී අපේක්ෂිත රාජ්‍ය ආදායම් ඉලක්කයෙන් සියයට 110ක් ළඟා කර ගැනීමට හැකි වූ බවයි. එමෙන්ම 2025 වසරේ ජංගම ගිණුමේ අතිරික්තය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,800ක් දක්වා ඉහළ ගිය බවද ඔහු පැවසීය.
කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපයේ යුදමය තත්ත්වය හේතුවෙන් ඉන්ධන ආනයනය සඳහා වැය වන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ යාමේ අවදානමක් පවතින බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. බාහිර ආර්ථික කම්පනවලට ඔරොත්තු දිය හැකි ආර්ථිකයක් ගොඩනැගීම රජයේ අරමුණ බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම, ලබන වසරේ ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 2,000ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇති බවත්, එම වියදම් ඉහළ යාමත් සමඟ විදේශ විනිමය සඳහා ඇති වන පීඩනය කළමනාකරණය කිරීම වැදගත් බවත් ජනාධිපතිවරයා පැවසීය.
රාජ්‍ය සේවයේ ආකර්ෂණය වැඩි කරමින් දක්ෂ වෘත්තිකයන් රඳවා ගැනීම සඳහා 2025 අයවැයෙන් තීරණය කළ මූලික වැටුප් වැඩි කිරීම 2025, 2026 සහ 2027 වසරවල අදියර තුනකින් ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය.
අත්‍යවශ්‍ය නොවන හෝ අකාර්යක්ෂම රාජ්‍ය ආයතන 34ක් වසා දැමීම හෝ ඒකාබද්ධ කිරීම පිළිබඳ සොයා බැලීමට මුදල් අමාත්‍යාංශය කමිටුවක් පත් කර ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව සහ වසර 100ක් සපුරන රජයේ මිනින්දෝරු සංගමය මෙරට සංවර්ධනයට ලබා දෙන දායකත්වයද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.
මෙම අවස්ථාවට ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි, අදාළ අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ, මිනුම්පති ටී. එම්. අයි. තිලකරත්න මහතා ඇතුළු නිලධාරීහු සහ රජයේ මිනින්දෝරු සංගමයේ සාමාජිකයෝ සහභාගී වූහ.
Post Views: 5
Previous Post

2027දී 2 සහ 6 ශ්‍රේණිවලටත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට සූදානම්

Next Post

ශ්‍රී ලංකාවේ ආයෝජන දොරටු බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයන්ට විවෘත වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකාවේ ආයෝජන දොරටු බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයන්ට විවෘත වෙයි

ශ්‍රී ලංකාවේ ආයෝජන දොරටු බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයන්ට විවෘත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉඩම් දෙනවා කියලා  හොරාට මිනිස්සුන්ගෙන් සල්ලි ගත්ත හැටන් කොමිෂන් සභාවේ නිළධාරියා පොලිස් අත්අඩංගුවට

ඉඩම් දෙනවා කියලා හොරාට මිනිස්සුන්ගෙන් සල්ලි ගත්ත හැටන් කොමිෂන් සභාවේ නිළධාරියා පොලිස් අත්අඩංගුවට

23 October 2026
ශ්‍රී ලංකාවේ ආයෝජන දොරටු බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයන්ට විවෘත වෙයි

ශ්‍රී ලංකාවේ ආයෝජන දොරටු බ්‍රිතාන්‍ය ව්‍යාපාරිකයන්ට විවෘත වෙයි

23 October 2026
නවීන තාක්ෂණයෙන් මිනින්දෝරු සේවය සවිබල ගන්වන්න රජයෙන් පහසුකම් දෙනවා

නවීන තාක්ෂණයෙන් මිනින්දෝරු සේවය සවිබල ගන්වන්න රජයෙන් පහසුකම් දෙනවා

23 October 2026
2027දී 2 සහ 6 ශ්‍රේණිවලටත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට සූදානම්

2027දී 2 සහ 6 ශ්‍රේණිවලටත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට සූදානම්

23 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තරුණයන්ට සංස්කෘතික වටිනාකම් යල්පැනගිය දේවල් බවට පත්වෙලා!

තරුණයන්ට සංස්කෘතික වටිනාකම් යල්පැනගිය දේවල් බවට පත්වෙලා!

22 October 2026
තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට නිසි ආරක්ෂාවක්වත් නෑ! රජයෙන් කිසිම දෙයක් නෑ!

තායිලන්ත නියෝජ්‍ය අගමැතිනියට නිසි ආරක්ෂාවක්වත් නෑ! රජයෙන් කිසිම දෙයක් නෑ!

22 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved