ශ්රී ලංකාවේ යළි නැගී එන ආර්ථිකය තුළ ආයෝජනය කිරීමට එක්සත් රාජධානියේ ව්යාපාරිකයන්ට විශේෂ අවස්ථාවක් උදාවී ඇති බව අමාත්ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
ලන්ඩන් නුවර පැවති විශේෂ ව්යාපාරික හා ආයෝජන සංසදයක් අමතමින් අමාත්යවරයා මේ බව සඳහන් කළේය.
ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම, විදේශ සංචිත ඉහළ නැංවීම සහ දේශීය ආර්ථිකය සියයට 5ක අඛණ්ඩ වර්ධනයක් කරා ගෙන යාම ඇතුළු ජයග්රහණ අත්කර ගැනීමට වත්මන් රජයට හැකි වී ඇති බවද ඔහු පැවසීය.
එක්සත් රාජධානිය ශ්රී ලංකාවේ වැදගත් වෙළෙඳ හවුල්කරුවෙකු මෙන්ම මෙරට තුන්වැනි විශාලතම අපනයන වෙළෙඳපොළ බවද අමාත්යවරයා පෙන්වා දුන්නේය. සංචාරක ව්යාපාරය ඇතුළු විවිධ ක්ෂේත්රවල ප්රවර්ධනය සඳහා එක්සත් රාජධානිය ලබා දෙන සහායද ඔහුගේ ඇගයීමට ලක් විය.
බ්රිතාන්ය ව්යාපාරිකයන්ට ඔවුන්ගේ ව්යාපාරික ගැටලු සහ අවශ්යතා සම්බන්ධයෙන් සෘජුව සාකච්ඡා කිරීමට රජය සූදානම් බවද අමාත්යවරයා සඳහන් කළේය.
එමෙන්ම, ලබන ජනවාරි මාසයේ කොළඹදී පැවැත්වීමට නියමිත එක්ස්පෝ ජාත්යන්තර ප්රදර්ශනයට සහභාගී වන ලෙස එක්සත් රාජධානියේ ආයෝජකයන්ට නිල වශයෙන් ආරාධනා කිරීමටද අමාත්ය වසන්ත සමරසිංහ මහතා පියවර ගත්තේය.















