රුපියල් 46,460,000ක් වටිනා කුෂ් මත්ද්රව්ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
බැංකොක් සිට මෙරටට පැමිණි මෙම ගුවන් මගියා ගුවන්තොටුපොළෙන් පිටව යාමට සූදානම් වූ අවස්ථාවේදී ගුවන්තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
















