මාර්ග අනතුරකින් තුවාල ලබා ප්රතිකාර ලබමින් සිටි කළුතර විද්යාලයේ ඉගෙනුම ලැබූ රමිතු සෙනෙත් සිසුවා ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු මෙවර අධ්යාපන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටි සිසුවෙකි.
පසුගිය 20 වැනිදා මෙම අනතුර සිදුව තිබුණේ මාර්ග සංඥා පුවරුවක් අසල බස් රථය නවතා තිබියදී සිසුවා බසයෙන් බිමට පැනීමත් සමඟ පිටුපසින් පැමිණි ත්රිරෝද රථයක ගැටීමෙනි.
අනතුරින් තුවාල ලැබූ සිසුවා ත්රිරෝද රථ රියදුරු විසින් කඩිනමින් පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ඇති අතර, පසුව වැඩිදුර ප්රතිකාර සඳහා නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ සිසුවාගේ සුෂුම්නාවට සිදුවූ හානිය හේතුවෙන් ඔහු මියගොස් ඇති බවයි.
අනතුර සම්බන්ධයෙන් ත්රිරෝද රථ රියදුරු අද (22) උදෑසන අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














