ඉරානයට එරෙහිව අමෙරිකාව නැවතත් ප්රහාර එල්ල කිරීමට සූදානම් වන බවට පළවන වාර්තා හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබේ.
ඒ අනුව බ්රෙන්ට් බොරතෙල් බැරලයක මිල 3.1%කින් ඉහළ ගොස් අමෙරිකානු ඩොලර් 112.20ක් ලෙස සටහන් වී ඇත.
එමෙන්ම අමෙරිකානු WTI බොරතෙල් බැරලයක මිල ද 2.79%කින් ඉහළ ගොස් ඩොලර් 99.86ක් දක්වා වැඩි වී තිබේ.













