මහනුවර – යාපනය A9 මාර්ගයේ අලවතුගොඩ පොලිස් වසමේ කුරුගොඩ 07 කණුව ප්රදේශය අද (22) රාත්රී 10.00 සිට හෙට (23) අලුයම 2.00 දක්වා තාවකාලිකව වසා තැබීමට නියමිත බව පොලිසිය පවසයි. පසුගිය 19 වැනිදා එම ප්රදේශයේ සිදු වූ මාරක රිය අනතුරට සම්බන්ධ ප්රයිමුවර් රථයේ ටේලරය එම ස්ථානයෙන් ගොඩගෙන ඉවත් කිරීමේ කටයුතු හේතුවෙන් මෙම තාවකාලික මාර්ග වැසීම සිදු කෙරේ. අදාළ කාලසීමාව තුළ රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, ඒ අනුව මහනුවර සිට මාතලේ දෙසට ගමන් ගන්නා වාහන කටුගස්තොට, මඩවල, වත්තේගම, උකුවෙල සහ ඇල්වල හරහා A9 මාර්ගයට පිවිසිය හැකි අතර, මාතලේ සිට මහනුවර දෙසට ගමන් ගන්නා බර වාහන ඇල්වල, උකුවෙල, වත්තේගම, මඩවල සහ කටුගස්තොට හරහාද, සැහැල්ලු වාහන අලවතුගොඩ, ඕවිස්ස, පූජාපිටිය සහ අඹතැන්න හරහා කටුගස්තොටට පිවිස මහනුවර දෙසට ගමන් කළ හැකි බවද සඳහන් කර ඇත.














