පාකිස්තානයේ රාවල්පින්ඩි ක්රීඩාංගණයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී ශ්රී ලංකා කණ්ඩායමට එරෙහිව ප්රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 429ක දැවැන්ත ලකුණු සංඛ්යාවක් රැස් කිරීමට සමත් විය. ඒ අනුව, මෙම තරගය ජයග්රහණය කිරීම සඳහා ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 430ක අභියෝගාත්මක ඉලක්කයක් හිමිවී තිබේ.














