බෙංගාල බොක්ක ආශ්රිතව පවතින අඩු පීඩන කලාපයක අවදානම් තත්ත්වය හේතුවෙන්, නැවත දැනුම් දෙනතුරු උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්රජාවට දැඩි ලෙස දැනුම් දී තිබේ.
අදාළ මුහුදු ප්රදේශවල දැනට නිරත වන ධීවර හා නාවික යාත්රා වහාම ආරක්ෂිත ප්රදේශයක් වෙත ගමන් කරන ලෙසද කාලගුණ අංශ වැඩිදුරටත් ඉල්ලා සිටියි.














