ශ්රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික සවිබලගැන්වීම සහ යහපැවැත්ම ඉහළ නැංවීමේ ප්රතිසංස්කරණ සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මූල්ය පහසුකමක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) පියවර ගෙන තිබේ.
මෙම මූල්ය පහසුකමට ඩොලර් මිලියන 50ක ප්රතිපත්ති පාදක ණයක් සහ ඩොලර් මිලියන 50ක ව්යාපෘති ණයක් ඇතුළත් වේ. අඩු ආදායම්ලාභී පවුල්වල ජීවනෝපාය සහ රැකියා අවස්ථා පුළුල් කිරීම, වැඩිහිටි සත්කාර සේවා වැඩිදියුණු කිරීම සහ සමාජ ආරක්ෂණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණු වේ.
මෙම වැඩසටහන යටතේ රජයේ ජාතික සවිබලගැන්වීමේ වැඩසටහනට සහාය ලබාදෙන අතර, අස්වැසුම සමාජ ලේඛනාගාරය මඟින් හඳුනාගත් දිස්ත්රික්ක හයක පවුල් 30,000කට ජීවනෝපාය ප්රතිලාභ, රැකියා හා ව්යාපාරික සහාය, කුසලතා සංවර්ධනය සහ මූල්ය සාක්ෂරතා පුහුණුව ලබාදීමට නියමිතය.
එමෙන්ම, වැඩිහිටි සත්කාර සේවාවන් සඳහා වන ප්රතිපත්තිමය රාමුව ශක්තිමත් කිරීමටත්, තෝරාගත් දිස්ත්රික්කවල ආදර්ශ වැඩිහිටි දිවා සුරැකුම් මධ්යස්ථාන පහක් පිහිටුවීමටත් සැලසුම් කර තිබේ.
ආසියානු සංවර්ධන බැංකුවේ ශ්රී ලංකා අධ්යක්ෂිකා ෂැනන් කවුලින් සඳහන් කර ඇත්තේ, ශ්රී ලංකාවේ ආර්ථික පුනරුදය අවදානමට ලක්වූ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමටද හේතු විය යුතු බවයි. කාන්තාවන්, තරුණයන්, වැඩිහිටියන් සහ ආබාධ සහිත පුද්ගලයන් ඇතුළු අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සවිබලගැන්වීමට මෙම වැඩසටහන දායක වනු ඇතැයිද ඇය පෙන්වා දී තිබේ.
















